රටේ තරුණ පරපුර නොමඟට යොමු වෙතැයි බියෙන් ක්වාලා ලම්පූර් හි පැවැත් වීමට නියමිත එල්ටන් ජෝන්ස් ගේ ප‍්‍රසංගයකට එරෙහිව උද්ඝෝෂණය කිරීමට මැලේසියාවේ සමලිංගික විරෝධී ඉස්ලාම් සංගමය සූදානම් වේ.
එල්ටන් ජෝන්ස් සහ ඬේවිඞ් ෆර්නිෂ් ගේ සමලිංගික විවාහය පිලිගත නොහැකි බව සහ එල්ටන්ගේ මෙම ආසියානු සංචාරය ආශ්වාදවාදය ව්‍යාප්ත කිරීමේ උත්සාහයක් බව ඔවුන් කියා සිටිති.
රජයට සංදේශයක් ඉදිරිපත් කරමින් මෙම උද්ඝෝෂණ වලට එලඹෙන බව සර්ව මැලේසියානු ඉස්ලාම් පක්ෂයේ (PAS) තරුණ නායක නස්රුදීන් හසන් ටැන්ටාවි උපුටා දක්වමින් මැලේසියන් ටයිම්ස් වාර්තා කරයි.
සියළු මුස්ලිම් වරු විශේෂයෙන් තරුණ පිරිස පාපයට ඇද දැමිය හැකි දේවල් සමඟ නියැලීමෙන් වලකින ලෙස ද ඔහු මතක් කර සිටී. තාරකාවන්ගේ රඟහලේ පැවැත්වීමට නියමිත ප‍්‍රසංගය අවලංගු කරන ලෙස PSS කල ඉල්ලීම සංවිධායකයන් නොපිලිගත් නිසා උද්ඝෝෂණ වලට අවතිර්ණ වී තිබේ.
බි‍්‍රතාන්‍යයේ සමලිංගික විවාහ නීත්‍යානුකූල වූ පසු 2005 දී විවාහ වූ ජෝන්ස් හා ෆර්නිෂ් යුවලට සැචරි නම් දරුවෙක්ද සිටී. මෑතකදී වාර්තා වූ අන්දමට එම මවගෙන්ම තවත් දරුවෙකු ලබා ගැනීමට ඔවුන් සූදානම් වෙයි.

No comments:
Post a Comment