Pages

11/20/12

විද්‍යා බාලන් දෙසැම්බරයේදී පති කුලයට

බොලිවුඩ් පුරවරයේ ඉහළ මිලක් අය කරනා රංගන ශිල්පිණියන් අතර විද්‍යා බාලන්ට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්.බොලිවුඩයේ නවතම පුවත් මවන්නිය වන්නේද ඇයයි.ඇය මෙසේ කතා බහට ලක් වන්නේ ලඟ එන ඇගේ විවාහ මංගල්‍ය නිසා.
විද්‍යා චිත්‍රපට නිෂ්පාදක, මෝෂන් පික්චර්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සිද්ධාර්ත් රෝයි කපූර් සමඟ සීතල උඳුවප් මාසයේදී විවාහ වීමට නියමිතව ඇත. මේ ආදර සම්බන්ධතාවට මුල පිරුණේ නෝ වන් කිල්ඩ් ජෙසිකා රූගත කරන කාලයේදිය.

දෙහදක ආදරයට තිබූ එකම බාධාව වූයේ සිද්ධාර්ත්ගේ කලින් විවාහයයි. දැන් ඔහුට පළමු බිරියගේ දික්කසාදය ලැබී තිබේ. ඒ නිසා සියල්ල නිරවුල්ය.

මැයි මාසයේදී ඇය තමන් සිද්ධාර්ත් සමඟ සබඳතාවක් පවත්වන බව ලොවට හෙළි කළේ බොහෝ තාරකාවන් හැංගි හොරා සබඳතා පවත්වද්දීය. දෙදෙනා විවාහ වීමට සිටියේ පෙබරවාරි මාසයේදී වුවත් දෙදෙනාගේම කාර්යය බහුලකම ඒ සොඳුරු ප්‍රාර්ථනය කල් දැමීමට හේතු විය.

දෙසැම්බරයේදී සිද්ධාර්ත් සති හතරක නිවාඩුවක් දමා ඇති අතර, විද්‍යා රාජ් කුමාර් ගුප්තාගේ ‘සන්චක්කර්’ සිනමාපටයෙන් කෙටි රූගත කිරීමේ නිවාඩුවක් ලබා ඇත. දෙදෙනා මධුසමය ගත කිරීමට යාමට බලාපොරොත්තු වෙන්නේ කැරීබියානු දූපත්වලටයි

No comments:

Post a Comment