මහා ආක‍්‍රමණයකට පෙර හමාස් සංවිධානයට ඊශ‍්‍රායලයෙන් පැය 36 ක අවසන් නිවේදනයක්
ඊශ‍්‍රායලය හමාස් සංවිධානයට අනතුරු අඟවන්නේ රොකට් ප‍්‍රහාර නොනවත්වන්නේ නම් ගාසා තීරයේ ආක‍්‍රමණ ඉදිරි පැය 36 ඇතුලත වැඩි කරන බවයි.
ඊශ‍්‍රායල් මුදල් අමාත්‍ය යුවාල් ස්ටීනිට්ස් කියන්නේ සාමය හෝ නිශ්චිත හමුදා තීරණයක් ගැනීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට දැන් අවස්ථාව බවයි.
ඊශ‍්‍රායලය හමාස් සංවිධානයට රොකට් ප‍්‍රහාර සහ ගාසා හි අවි ජාවාරම නතර කිරීමට බොහෝ කලක සිට යෝජනා කර ඇති අතර හමාස් සංවිධානය කියන්නේ ඊශ‍්‍රායෙල් ආරක්ෂක බලකායේ ඝාතන සහ දේශසීමා ආරක්ෂක වලලු ඉවත් කර ගත යුතු බවයි. ඊශ‍්‍රායලය තම ආරක්ෂක හමුදා වැඩි කරමින් සිටින අතර ගුවන් ප‍්‍රහාර වලින් සිවිල් වැසියන් ඝාතනය වීම ගැන අන්තර්ජාතික චෝදනාවට සහ උදහසට ලක්ව සිටිති.
පක්ෂ දෙකම යුධකාමී අදහස් දරණ නිසා ගැටළුව විසඳෙන බවක් නොපෙනෙන අතර පලස්තීනුවන් 81 ක් මේ වන විට මිය ගොස් ඇත. හමාස් හමුදා ප‍්‍රබලයෙකු වූ අහමඞ් ජබාරි ඝාතනයෙන් පසු එල්ල වූ රොකට් ප‍්‍රහාර වලින් ඊශ‍්‍රයෙල් වැසියන් 3 දෙනෙක් මියගොස් ඇත.

No comments:
Post a Comment