මිය ගිය අරුවන් අතර මාස 18ක් වයසැති ලියාද් අබු කුසා වසර 3ක් වූ ඔමාර් අබු සේෆෑන් වසරක් වයසැති ජුමානා අබු සේෆෑන් 13 වියැති ටස්නීම් නහාල් ආදීන් වෙති. මෙම ඝාතන වලින් අරාබිකරය සහ ඉස්ලාම් මහජනයා කෝප වී ඇත.
තුර්කි අගමැති රෙසිප් ටායිප් අර්ඩොගාන් පවසන්නේ මෙම ඝාතනවලට දැන් හෝ පසුව ඊශ‍්‍රයෙලය වගකිව යුතු බවයි. සාකච්ඡ වලට අවතීර්ණ නොවුනොත් ලමා මරණ සංඛ්‍යාව ඉහල යනු ඇත.
යෙෂිවා ලෝක පුවත් සේවය ඊශ‍්‍රයෙල් අභ්‍යන්තර ඇමති එලි ඉෂායි උපුටා දක්වමින් කියන්නේ ගාසා තීරයේ සියළු දෙය විනාශ කර දැමිය යුතු බවයි.
කෙසේ වෙතත් බොහෝ ලෝක නායකයන් සටන් විරාමයක් නුදුරු අනාගතයේදී ඇතිවනු ඇතැයි බලාපොරොත්තු වෙති. ඒ සඳහා උත්සාහ දරණ නායකයන් අතර ප‍්‍රංශ විදේශ ඇමති ලෝරන්ට් ෆැබියස් ජර්මන් විදේශ අමාත්‍ය ගිඩෝ වෙස්ටර්වෙල් ඊජිප්තු ජනපති මොහොමඞ් මෝර්සි බෑන් කී මූන් ආදීහු වෙති.


No comments:
Post a Comment