සිරියානු ජනයාගේ එකම නියෝජිතයා විපක්‍ෂ සන්ධානයයි – බි‍්‍රතාන්‍ය
සිරියාවේ නව විරුද්ධ පක්ෂ සන්ධානය සිරියානු ජනතාවගේ එකම නීත්‍යානුකූල නියෝජිතයා ලෙසින් පිළිගන්නා බව බ්‍රිතාන්‍යය නිවේදනය කර තිබේ.
සිරියානු නව විපක්ෂ සන්ධානය එසේ පිළිගත් දෙවැනි බටහිර රාජ්‍යය බ්‍රිතාන්‍යයයි.
නව විපක්ෂ සන්ධානය පිහිටුවා ගැනීම සිරියානු ජනතා අරගලයේ සන්ධිස්ථානයක් ලෙසින් හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය විලියම් හේග් සිරියානු විපක්ෂයට ලබා දෙන ආධාර වැඩි කරන බව ද නිවේදනය කර ඇත.
ඩොලර් දස ලක්ෂයකට වඩා වටිනා සන්නිවේදන උපකරණ නව සන්ධානයට ලබා දෙන බවයි බ්‍රිතාන්‍ය විදේශ ඇමතිවරයා පවසයි.
කෙසේ නමුත් හමුදා ආධාර ලබාදීම පිළිබඳව ඔහු කිසිවක් සඳහන් කළේ නැත.

No comments:
Post a Comment