Pages

11/30/12

චීන ලොක්කෙක් ඔබාමාට විරුද්ධව නඩු පවරයි

ජනපති ඔබාමා ජාතික ආරක්ෂාවට තර්ජනයක් යයි කියමින් චීන පුද්ගලයෙකුට ඔරිගන් හි ගොඩනැගිල්ලක් ඉදි කිරීම තහනම් කර ඇත. ඇමරිකාවේ චීන විරෝධය තේරුම් ගත් එම පුද්ගලයා උසාවි යාමට තීරණය කර ඇත. චීනයේ ධනවත්ම මිනිසෙකු වූ RALLLS  ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී වූ ජෑලියෑංග් අන් ව්‍යාපාර ඉදි කර තිබෙන
ප‍්‍රදේශයේ තමා මිලදී ගත් ඉඩමේ ගොඩනැගීම කිරීමට ඉඩ නොදුන් බව පවසා ෆෙඩරල් උසාවියේ නඩු පැවරීමට කටයුතු කර ඇතැයි CHRISIAN SCIENCE MONITOR වාර්තා කරයි. තමන් නඩු පවරන්නේ තමන් ආරක්ෂාවට තර්ජනයක් බව කීම නිසා යයි ජෑලියෑංග් කියයි.

චීනයේ සයවන ධනවතාට හිමි  SANNY GROUP LTD අනුබද්ධිත RALLLS සමාගම ඔරිගන් හි ඉඩම් කොටස් 4ක් මිලට ගෙන ඇති අතර ඇමරිකාවේ විදේශ ආයෝජන පිලිබඳ කමිටුව මෙම ගණුදෙනුව අවලංගු කලේ ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් බවට සාක්ෂි සොයා ගත් බවත් මිනිසුන් රහිත යානා පරීක්ෂණ කරන හමුදා කලාපය මේ අසල ඇති බවත් කියමිනි. මේ තීරණය සමාගම ප‍්‍රතික්ෂේප කල පසු ඔබාමා වසර 22කට පසු පලමු වරට ජනාධිපති වරයෙකු සතු බලතල යොදා ගනිමින් ගණුදෙනුව අහෝසි කලේය.

සවිස්තරාත්මක තොරතුරු නැතිව ආරක්ෂාවට තර්ජනයක් වන බව කීමෙන් ජනපති ව්‍යවස්ථාපිත අයිතීන් ඉක්මවා ගිය බව කියමින් වොෂිංටන් දිස්ත‍්‍රික් උසාවියේ නඩුව පවරා ඇත. මෙයින් ආයතනයට සිදු වූ ඍජු ආයෝජන පාඩුව ඩොලර් මිලියන 20ක් බව ඔවුන් කියයි. මෙම නඩුව ප‍්‍රතික්ෂේප වුවහොත් ශ්‍රේෂඨාධිකරණයට යාමටද ඔවුන් සූදානම් වෙයි.

ආයතනය නඩුව දිනනු ඇතැයි චීන හා ඇමරිකානු නීතිඥයන් විශ්වාස නොකරන නමුත් මෙයින් පෙනී යන්නේ චීනයෙන් ඇමරිකාවට ඇති අභියෝගයේ තරමයි. ඇමරිකාවට චීනය ආර්ථික අතින් පමණක් නොව දේශපාලන සහ හමුදාමය අතින්ද තරඟකරුවෙකු වෙයි. මීට ඉහතද සාධාරණ හේතුවක් නොදක්වා ඇමරිකාවේ චීන ආයෝජන තහනම් කර ඇත.

No comments:

Post a Comment