Pages

11/11/12

මියෙන්මාරයට භූමිකම්පාවක්

මියෙන්මාරයේ භූමිකම්පාවක් සිදුවී තිබේ.

රිච්ටර් මාපකයේ ඒකක 6 දශම 8 ක විශාලත්වයකින් යුත් මෙම භූමිකම්පාව මියෙන්මාරයේ මැන්ඩලි නගරය ආසන්නයේ පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇතැයි සඳහන්ය.
එරට වේලාවෙන් අද උදෑසන 7‍.42 ට පමණ මෙම භූ කමිපනය සිදුව තිබේ.

භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

නිවාස සහ ගොඩනැගිලි රැසක් භුමිකම්පාව හේතුවෙන් හානියට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2011 වසරේ මාර්තු මාසයේ ද මියෙන්මාරයේ භූමකම්පාවක් සිදුවූ අතර එහිදී පුද්ගලයින් 75 ජීවිතක්ෂයට පත්ව ඇත.

No comments:

Post a Comment