මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සුකී ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කර තිබේ.
ඇය වසර 40 කට පසුව ඉන්දියාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විපක්ෂ නායිකාවගේ මෙම සංචාරය අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මොහන් සිං මහතා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම සංචාරයෙදී අවුන් සාන් සුකී දිල්ලි විද්‍යාලයට ද යෑමට නියමිත අතර වර්ෂ 1960 දී ඇය මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති බව සඳහන්ය
මේ අතර මෙම සංචාරය තුළදී අවුන් සාන් සුකී සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර දෙරටේ ආර්ථික කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

No comments:
Post a Comment