
මෙම අතවරයට පත් කාන්තාව 39 හැවිරිදි වියේ පසුවූ අතර සිය සැමියා සමග
ඇය ඉන්දියාවට පැමිණ තිබුනේ ගවේෂණාත්මක සංචාරක ගමනකටය. ඇය ඉන්දියාවේ මාස 3 ක් පමණ ගතකොට තිබුනේ විවිධ ප්‍රදේශ වල දුෂ්කර ගමන් වල යෙදීම විනෝදාංශයක් කරගෙනය. ඇය සැමියා සමග පසුගිය දිනවල ගත කර තිබුනේ සුප්‍රකට ටජ් මහල් ද පිහිටා තිඛෙන අග්‍රා නුවරය. ඔවුන් මේ ගමන් වලදී විනෝදය පිණිස හිතාමතාම නවාතැන් සපයා ගත්තේ හෝටල්වල නොව කැලේ ඇටවූ කූඩාරම් වලය.
සිද්ධිය වූ දිනයේ ඇය සැමියාත් සමග බයිසිකලයෙන් නගරය පුරා සැරිසැරීමෙන් අනතුරුව ඔවුන් නැවතී සිටි කූඩාරමට පැමිණ ඇත්තේ රෑ බෝවන විටය. නගරයට ඈතින් කැලෑබද පාළු ප්‍රදේශයක ඔවුන්ගේ කූඩාරම අටවාගෙන තිබුණ අතර බයිසිකලයේ දෙදෙනා ගමන් කරමින් සිටියදී ඔවුන් පසුපස ලූහුබැඳි එක්තරා තරුණ කන්ඩායමක් ඔවුන් ගැන සෝදිසියෙන් සිට කූඩාරමට ඇතුළුවන අවස්ථාවේ ඔවුන් වෙත පැන සැමියාට පොලූපහර ගසා බිම දමා අනතුරුව ස්විස් කාන්තාව බියගන්වා වරින්වර දූෂණය කරන ලද බව වාර්තා වුණා.සිද්ධියෙන් අනතුරුව පිරිස පළාගිය අතර ඔවුන් සතු මුදල් ලැප්ටොප් හා ජංගම දුරකථනද කොල්ල කා තිබුණා.
කාන්තාව හා සැමියා පොලිසියට මේ ගැන පැමිණිළි කළ පසු 15 දෙනෙකු සැක පිට ප්‍රශ්න කර තිඛෙන අතර පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකය.
No comments:
Post a Comment