අති නවීන, බලවත් සහ ශබ්දයක් ඇති නොකරන රුසියානු සබ්මැරීනය වන ව්ලැඩිමීර් මොනොමාක් දියත් කර ඇත්තේ බෝරේ ව්‍යාපෘතියේ තුන්වන යාත‍්‍රාව ලෙසය. මෙම සබ්මැරීනය සමුද්‍ර අත්හදා බැලීම් ඇරඹීමට සූදානමින් ඇති අතර 2013 දී සම්පූර්ණ ක‍්‍රියාන්විතය ඇරඹීමට නියමිතය.
රුසියානු සබ්මැරීන බලඇණියේ සියවන සංවත්සරය යෙදී තිබුණ 2006 මාර්තු 19 වනදා සුදු මුදුදු වෙරලේ පිහිටි සෙවරොඞ්වින්ස්ක් නගරයේ ඇති රුසියාවේ විශාලම නැවු නිෂපාදකයා වන සෙවුමෑෂ් හිදී මෙය නිපදවීම අරඹන ලදී. නවීන න්‍යශ්ඨීක ප‍්‍රතික‍්‍රියාකාරකයක් සහ මිසයිල උපායමාර්ග සහිත සබ්මැරීනයක් වන මෙයට මීටර් 480ක් දක්වා ගැඹුරට කිමිදිය හැකිය.
ස්වයංක‍්‍රීය දිශා දර්ශනය මගින් මාස තුනක් පමණ දිය යටින් ගමන් කල හැකිය. අනෙකුත් සබ්මැරීන පරම්පරා වලට සාපේක්ෂව සම්පූර්ණයෙන්ම පාහේ ශබ්දය නිකුත් නොකරයි.
නවීනතම බලාවා මිසයිල පද්ධතියකින්ද මෙය සමන්විතය. මේ මිසයිල වලට මිනිත්තු 33කින් කිලෝමීටර් 9300ක් දුර ගමන් කල හැකිය. බෝරේ වර්ගයේ පලමු වන සහ ප‍්‍රධාන සබ්මැරීනය වන යූරි ඩොල්ගොරුකි පර්යේෂණ කටයුතු නිම වීමෙන් පසු ඉරිදා රුසියානු නාවික හමුදාවට නිල වශයෙන් භාර ගන්නා ලදී.
එහි වියදම ඇමරිකානු ඩොලර් මිලියන 770ක් පමණ වන අතර අනෙකුත් බෝරේ සබ්මැරීන ඊට වඩා වියදමෙන් අඩුය. මේ ව්‍යපෘතියේ තවත් සබ්මැරීනයක් වන ඇලෙක්සැන්ඩර් නෙව්ස්කි පරීක්ෂණ මට්ටමේ ඇති අතර න්යාස් ව්ලැඩිමීර් නම් දියුණු තාක්ෂණික හා ආයුධ සහිත සබ්මැරීනයක් නිපදවමින් තිබේ.
2011-2020 රාජ්‍ය සංශෝධන වැඩසටහන යටතේ ඊලඟ වසර 8 තුල බෝරේ පංතියේ සබ්මැරීන 10ක් නිපදවීමට රුසියාව සැලසුම් කර ඇත. ඉදිරි දශක වලදී රුසියාවට අවශ්‍ය න්‍යෂ්ඨීක බලයෙන් යුත් නාවික හමුදාව ගොඩ නැංවීමට මේවා යොදා ගැනෙනු ඇත.

No comments:
Post a Comment