Pages

12/14/12

දකුණු ආසියාවේ චීන බලය වර්ධනයෙන් ඉන්දියාව කලබල වේ

ඉන්දියානු බලපෑමට යටත් කලාපයේම චීනය වර්ධනීය අයුරින් ඉස්මතු වෙමින් පැවතීම ඉන්දියාව විසින් පිළිගත යුතුව ඇතැයි ඉන්දීය විදේශ ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ දකුණු ආසියාව තුළ චීන ආයෝජනයන් හා රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන් නැගෙමින් පැවතීම සලකා බලමිනි.
ශ්‍රී ලංකාව ,බංග්ලාදේශය ,මාලදිවයින හා මියන්මාරය වැනි රටවලට අරමුදල් සපයමින් හා යටිතල ව්‍යුහ සංවර්ධනයට සහාය වෙමින් චීනය එම රටවල්සමඟ පවත්නා සබඳතා තර කරගැන්මත් සමග ඉන්දීය සාගර කලාපයේ වර්ධනය වෙමින්පවතින චීන බලපෑමගැන ඉන්දියාව දැඩි විමසිල්ලෙන් පසුවන්නේය.

‘ඉන්දියාව හා එහි මිත්‍රශීලින්ට ක්‍රියාත්මක විය හැකි විශේෂිත ප්‍රදේශයක් සේ සැලකෙන කලාපයේ ක්ෂේත්‍ර ගණනාවක චීනයේ බලපෑම දක්නට ලැබීමේ නව යතාර්ථය අපට පිළිගැන්මට සිදුව ඇතැයි ‘ඉන්දිය අගනගරයේ පැවති සමුළුවකදී විදේශ ඇමති සල්මන් කුර්ෂිඩ් පසුගියදා පැවසුවේය.

59 හැවිරිදි කුර්ෂිඩ් විදේශ ඇමති ධුරයට පත්වූ යේ මීට සති 6 කට පමණ පෙරදීය.චීනය සම්බන්ධයෙන් දශක ගණනාවක් තිස්සේ පැවැති විමසිලිමත් බව

මුල් කොටගත් රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගයන් කෙරේ නවමු ප්‍රවේශයක් ඇති කිරීමට ඔහු සමත්වනු ඇතැයි අපේක්ෂා කෙරී තිබිණ.

කෙසේවෙතත් චිනය සමග පවත්නා සබඳතා ඉදිරි කාලයේදී අර්ථවත් හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය වනු දැක්ම ඉන්දියාවේ අපේක්ෂාව බව කුර්ෂිඩ් වැඩිදුරටත් කියා සිටියේය.

‘චීනය ආක්‍රමණකාරියි. එරට අපට සහකරුවෙක් මෙන්ම අසල්වැසියෙකි. මේ නිසා චීනය සම්බන්ධ ඉන්දීය විදේශ පිළිවෙතේ සැබෑ නිර්මානාත්මක බව චීනයේ ශක්තිය සමග ඉන්දීය ශක්තිය මුසු වීමෙන් සිදුවනු ඇතැයි” ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment