Pages

12/21/12

මධ්‍යධරණී මුහුදේ රුසියානු යුධ නැවු සමූහයක් සිරියාව දෙසට

මධ්‍යධරණී මුහුදේ සංචාරය කරමින් ඇති නැවු හමුදාවේ හිලවුවට නැවු 5ක් එහි යවා ඇත. මේ ක‍්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ඩැමස්කස් රජය පෙරළුනොක් එහි සිටින රුසියානුවන් ඉවත් කර ගැනීම සඳහා සූදානමක් නිවේදනය වී ඇති අතරතුරය.
බෝල්ටික් නැවු කණ්ඩායමේ යුධ නැවු 3ක් හා සහායක නැවු 3ක් මෙසේ යැවෙනු ඇත. ඒවා බැල්ටිස්ක් හි නාවික කඳවුරේ යොදවා තිබූ අතර මෙහි කාර්යයන් වූයේ ගුවන් ආරක්ෂණ අභ්‍යාස, නෞකා නාශක හා සබ්මැරීන් නාශක සටන්ය.

මේවා මගින් නොවැම්බරයේ සිට මධ්‍යධරණී මුහුදේ මුර සංචාර කරන බෝල්ටික් නැවු කණ්ඩායමේ නෞකා ප‍්‍රතිස්ථාපනය කරන අතර බෝල්ටික් කණ්ඩායම සිරියාවේ රුසියානු නාවික කඳවුරක් වන ටාටස් වෙත පැමිනේදැයි විස්තර කර නැත.

මෙම නෞකා කණ්ඩායම දියත් කර ඇත්තේ සිරියානු සටනකදී එහි සිටින රුසියානුවන් කළු මුහුදේ වරායට ප‍්‍රවාහනය කිරීමට බව නාවික ආරංචිමාර්ග ඉන්ටර්ෆැක්ස් පුවත් ආයතනයට කියා ඇත. ගිය සතියේ රුසියානු විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ප‍්‍රකාශ කලේ තත්වය දරුණු වේ නම් ගලවා ගැනීමේ සැලසුම සඳහා සූදානම් බවයි.

රාජ්‍ය නිලධාරීන් මෙන්ම දහස් ගණනක සිවිල් වැසියන්ද ඉන් ආවරණය වන බව නියෝජ්‍ය විදේශ ඇමති මිකායිල් බොග්ඩනෝවු කියා ඇත. ඩැමස්කස් පාලනයට තව දුරටත් පාලන ප‍්‍රදේශ අහිමි වුනොත් මෙය ක‍්‍රියාවට නැගෙනු ඇත. මෙම විස්තර නිසා සිරියානු අර්බුදය ගැන රුසියාවේ මතය වෙනස් වී ඇතැයි ඇමරිකාව තේරුම් ගත්තද රුසියාව එය වහා ප‍්‍රතික්ෂේප කලේය.

No comments:

Post a Comment