ඇපල් සමාගම සිය එකතුව හරහා විද්‍යුත් පොත් වල ව්‍යාජ සංස්කරණ විකිණූ බවට ප‍්‍රකාශ කරමින් කතෘ අයිතිය උල්ලංඝනය කිරීමේ වරදට චීන අධිකරණයකින් ඩොලර් 160400 ක දඩයක් නියම කර ඇත.
සිකුරාදා චීනයේ ශින්හුවා පුවත් ආයතනය වාර්තා කලේ චීන කතෘ වරුන් 8 දෙනෙකුට සහ ආයතන 2 කට කතෘ අයිතිය උල්ලංඝනය වෙනුවෙන් මෙම දඩ ගෙවන ලෙස ඇපල් සමාගමට නියම වූ බවයි.
මෙම සිද්ධියෙන් සිදු වූ පාඩුව වෙනුවෙන් යුවාන් මිලියන 10ක් (ඩොලර් මිලියන 1.6 ක්) බලාපොරොත්තුවෙන් සිටි පැමිණිලි පක්ෂය මින් සෑහීමට පත්ව නැත. මෙම තීන්දුව මගින් තම හොඳම කතුවරුන්ට ලැබුණේ යුවාන් 7000 ක් පමණක් බවත් සොරකම සඳහා මින් ලැබෙන්නේ ධෛර්යයක් බවත් පැමිණිලි කණ්ඩායමේ ප‍්‍රකාශක බේ ෂිචෙන්ග් රොයිටර් වෙත කියා සිටියේය.
ඇපල් සමාගම කියන්නේ කතෘ අයිතිය රැකීමට තමන් හැකි සෑම දෙයක්ම කරන බවයි. සමාගමේ ප‍්‍රකාශිකා කැරොලයික් වූ කතෘ අයිතිය තහවුරු කිරීමට හිමිකරුවන්ට සහාය වීම සඳහා සඳහා තම සේවය නිරතුරුවම යාවත්කාලීන කරන බව කියා සිටියාය. මේ වසරේදී ඇපල් සමාගමට එරෙහි නඩු කීපයක්ම චීනයේ පැවැත්වුණි.
චීනයේ iPad වෙලඳ නාමය පිලිබඳව ඇතිවූ ආරවුලක් මත චීනයේ ප්‍රෝවීවු ටෙක්නොලොජි ආයතනයට යුවාන් මිලියන 60 ක් (ඩොලර් මිලියන 9.62) ගෙවීමටද ඇපල් සමාගමට සිදුවිය. මේ අතරම ඇපල් තම දකුණු කොරියානු තරඟකරු වන සැම්සුන් සමඟද පැටලිලි ගසක නිරත වී සිටී.

No comments:
Post a Comment