ලොව වියපත්ම කන්‍යාවියගේ වයස අවු. 113 යි
ඉන්දියාවේ භූපාල් ප්‍රදේශයේ ජීවත් වන ඇගේ නම සීනත් බී දැනට ලොව සිටින වියපත්ම කාන්තාව යි. වයස අවුරුදු 113 ක් වන ඇය වාමන ගැහැනියක් හෙවත් ඉතා කුඩා ශරීරයක් ඇති කාන්තාවකි.
ඉන්දියන් ආණ්‌ඩුවේ විශ්‍රාම වැටුප් වාර්තාවලට අනුව ඇගේ වයස අවුරුදු 101 ක් වන නමුත් ඇය තරයේම කියන්නේ තමාගේ වයස අවුරුදු 113 ක් බවයි.
ඇගේ පවුලේ සියලුම දෙනා මිය ගොස් ඇති අතර දැනට ඉතිරිව සිටින්නේ ඇය විතරයි. අවිවාහක ඇගේ දෑස් සුද මතුවීම නිසා හානියට පත්වී ඇති අතර කැල්සියම් ඌනතාවකින් ඇය පෙළේ. ඉතාම පුදුමසහගත කාරණය වන්නේ වයස අවුරුදු 113 දිත් ඇගේ කෙස් කළු පැහැයෙන් යුක්‌ත වීමයි. එහෙත් ඇගේ මුළු කටටම තිබෙන්නේ දත් 3 ක් පමණකි.
සීනත් බී ඉස්‌ලාම් ආගම අදහන කාන්තාවක වන අතර ශුද්ධ වූ මක්‌කමට වන්දනා ගමනක යෙදීම සහ සල්මාන් ඛාන් මුණගැසීම තවමත් ඉටුනොවු ඇගේ සිහින වේ.

No comments:
Post a Comment