සාමාජිකයන් 62 කින් යුත් සිවිල් සමාජය හා මානව අයිතිවාසිකම් සංවර්ධනය පිලිබද වූ රුසියානු ජනාධිපති මණ්ඩලයක් පිහිටුවීමට රුසියානු
ජනපති ව්ලැඩිමිර් පුටින් අවසර දී ඇත. එහි පලමු රැස්වීම අමතමින් ජනපති අවධාරණය කලේ සියළු දේම ඍජු පැහැදිලි හා අවංක කණඩායම් කටයුත්තක් විය යුතු බවයි.
ඉහල පෙලේ මානව අයිතිවාසිකම් ආයතන සමග සහයෝගීව කටයුතු කර ලැබූ අත්දැකීම් සිහිපත් කරමින් ඔහු සදහන් කලේ තමා නිවැරදි යයි සලකන සියළු දේම එසේ නොවීමට හැකි බවයි. දේශපාලනයට සම්බන්ධ ලාභ නොලබන ආයතන (NGO) විජාතික ඒවා ලෙස සැලකීමේ විවාදාත්මක නීතියද සාකච්ඡවට ගැනීමට ඔහු එකග විය.
පූටින් ගේ අදහස මෙම නීතියේ එකම අරමුණ අනෙකුත් රාජ්‍ය රුසියාවේ අභ්‍යන්තර ප‍්‍රශ්න වලට අත පෙවීම වැලැක්වීම බවයි. ආගමික ස්ථාන වලට ගැරහීම හා පූජනීය වස්තූන් කෙලෙසීමට වසර 5 ක් දක්වා වූ සිර දඩුවම් ලබා දීමේ පනත හදුන්වා දීමට ඉක්මන් නොවිය යුතු බවද ජනපති පූටින් අවධාරනය කරයි. දේශපාලන හිරිහැර කිරීමක් හෝ වාරණ අවියක් ලෙස මෙය භාවිතා කරනු ඇතැයි බියෙන් බොහෝ මහජන ක‍්‍රියාකාරිහු මෙයට අකමැති වී ඇත.
මෙම නීතිය මතභේදාත්මක හා සමාජය බෙදිය හැකි එකක් ලෙස හිටපු ජනපති අපේක්ෂක අයිරින් කකමාඩා අවධාරණය කරයි. මෙම පනත ඇරඹුනේ පූජක වරුන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය හා ආගමික ස්ථාන වලට සිදු වූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා රැසකට පසුවය. 2004 දී ගොඩ නැගූ මණඩලය 2011 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව සිදුවූ ඉල්ලා අස් වීම් නිසා බිද වැටිමක් සිදු විය. හිමිකම් ක‍්‍රියාකාරින් 40 ක් පමණ සිටි මණ්ඩලයෙන් දුසිමක් පමණ ඉවත් වූහ.
කමිටුවට සාමාජිකයන් පත් කර ගැනීමද නව ක‍්‍රියා පිලිවෙලක් අනුව සිදුවේ. කලින් සාමාජිකයන් බොහෝ දෙනෙකුට අවස්ථාව නොලැබුනත් ඔවුන් විශෙෂඥයන් ලෙස බදවා ගැනෙනු ඇති බව ප‍්‍රකාශිතය.

No comments:
Post a Comment