සටන් විරාමය ගැන ඇමරිකා රුසියා මතබේද
ගාසා තීරයේ ගොඩබිම් ආක‍්‍රමණ පැය 24කින් කල් දැමීමට ඊශ‍්‍රායෙල් අගමැති තීරණය කර ඇත. පක්ෂ දෙක අතර සටන් විරාමයක් සදහා
ඇති අන්තර් ජාතික පෙලඹීම මීට පසුපසින් තිබිය හැකිය. කයිරෝවේ දී බෑන් කී මූන් සමඟ පැවති සාම කතා සහ මෙම තීරණය සමගාමී වෙයි.
පලස්තීනයේ මානුෂීය තත්වය විමසීමට ගාසා තීරයට යාමට පෙර අඟහරුවාදා මූන් ජෙරුසෙලමට පැමිණීමට නියමිතය. හිලරි ක්ලින්ටන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මුණ ගැසුණු අතර ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස වොෂිංටනය නම් කර ඇති හමාස් නියෝජිතයන් කිසිවෙක් හමුවී නැත. අරාබි ලීග නියෝජිත මණ්ඩලයක් සඳුදා ගාසා තීරයට පැමිණි අතර බ‍්‍රහස්පතින්දා නිවේදනය කිරීමට නියමිත සටන් විරාමයක් ගැන සාකච්ඡුාවක් පවත්වා ඇත.
මේ අතර සටන් විරාමය සම්බන්ධයෙන් ඇමරිකාව සහ රුසියාව අතර මතභේදයක් හටගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ රුසියානු නියෝජිත විටැලි චර්කින් කියා ඇත්තේ ආරත්ෂක මණ්ඩලයේ එක් සාමාජිකයෙක් එහි ක‍්‍රියාවන් හා එකඟ වීමට පැහැදිලිවම අකමැත්ත පෙන්වන බවයි.
හමාස් සංවිධානය සහ ඊශ‍්‍රායලය සති අන්ත සාකච්ඡවලදී යහපත් ප‍්‍රගතියක් දැක්වුවද තවමත් එකඟතාවයකට පත්වී නැත. ටෙල් අවිවු ඉදිරි වසර 15 සදහා පලස්තින රොකට් ප‍්‍රහාර නැවැත්වීමට සහ පලස්තීන දේශ සීමාවේ සිටින ත‍්‍රස්තවාදීන් ඉලක්ක කිරීමට අයිතිය ඉල්ලා ඇති අතර හමාස් සංවිධානය එය ප‍්‍රතික්ෂේප කලේ ගාසා තීරයේ දිගු කලක් පවතින සම්බාධක ඉවත් කර ගන්නා ලෙස කියමිනි.

No comments:
Post a Comment