Pages

11/26/12

ඇගළුම් කම්හලක් ගිනිගනී, 120 දෙනෙක් මරුට

බංග්ලා දේශයේ ටෂ්රීන් ෆැෂන් නැමති ඇගළුම් කර්මාන්ත ශාලාවේ ඊයේ රාත‍්‍රියේ හටගත් හදිසි ගින්නකින් 120 දෙනෙකු මිය ගොස් තිබේ.

ඩකා අගනුවරට උතුරු දෙසින් පිහිටි මහල් නවයකින් යුත් මෙම කර්මාන්ත ශාලාව ගින්නෙන් මුළුමනින්ම විනාශ වී ඇති අතර ගින්නට
හේතුව මෙතෙක් සොයාගෙන නැත. ගින්න පැතිරෙන අවස්ථාවේදි දහසකට වැඩි පිරිසක් එහි සේවය කරමින් සිටි බව වාර්තා වේ.

විශාල පිරිසක් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබ ඇත. අනාරක්ෂිත බව ගින්නට හේතුව බවට චෝදනා ඉදිරිපත් වී තිබුනද කම්හල් හිමිකරු එය ප‍්‍රතික්ෂේප කරයි.

බංගලිදේශය ලොව ඇගළුම් අපනයනයෙන් දෙවන ස්ථානයේ පසුවේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී ද බංගලිදේශයේ ඇඟළුම් ශාලාවක ගින්නකින් 300ක් ඉක්ම වූ පිරිසක් මිය ගියේය.

No comments:

Post a Comment